මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත - මීරිගම කොටසෙහි ඇතැම් ප්‍රදේශයන්හි කොන්ක්‍රීට්වලට යොදා ඇති කම්බි කොටස් කපා යකඩ සදහා අලෙවි කෙරෙන ජාවාරමක් සිදුවන බව වාර්තාවේ.
මාර්ගය සකස් කිරීමේදී කොන්ක්‍රීට් කොටස් සම්බන්ධ කිරීම පිනිස පිටතට යොදා ඇති කම්බි කොටස් හොර රහසේ කපන තත්ත්වයක් පවතින බවත් මෙලෙස එම කම්බි කපාගෙන යාම හේතුවෙන් යළි සැකසීමේදී අමතර වියදමක් දැරීමට සිදුවන බවත් ව්‍යාපෘති සේවකයින් පෙන්වා දෙති.
ගම්පහ සහ මීරිගම යන ප්‍රදේශ ආශ්‍රිතව දැනට ඉදිකිරීම් කටයුතු නතරවී ඇති ස්ථානයන්හි කම්බි කපා යකඩවලට අලෙවි කිරීම සිදු කෙරෙන බවත් මෙලෙස කම්බි කැපීම මත යළි ඉදිකිරීම් සිදු කිරීමේදී ජනතා මුදල් වැය කිරීමට සිදුවන බවත් ව්‍යාපෘති සේවකයින් පිරිසක් කියා සිටියහ.
ගම්පහ තිලකරත්න දිසානායක
