මධ්‍යම අධිවේගි මාර්ගයේ තුන්වැනි කොටසේ දෙවැනි අදියර යටතේ රඹුක්කන සිට ගලගෙදර දක්වා කොටසේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතය.
අද (29) ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් මෙම ඉදිකිරිම් ආරම්භ කිරිමට නියමිතය. කිලෝමීටර් 18.7ක දුර ප්‍රමාණයක් මෙම අදියර යටතේ සංවර්ධනය කිරීමට නියමිතය. දේශීය අරමුදල් යොදවා ඉදිකිරීමට නියමිත රඹුක්කන සිට ගලගෙදර දක්වා කොටස සංවර්ධනය කිරීමට රුපියල් බිලියන 112.4ක මුදලක් වැය කිරීමට නියමිතය.