මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන සිට ගලගෙදර දක්වා වූ කොටසේ ඉදිකිරීම් කටයුතු මේ වසර තුළ ආරම්භ කිරීමට රජය සැලසුම් කොට තිබෙන බව ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
මෙම අධිවේගී මාර්ගයේ කඩවත මීරිගම කොටසේ ඉදිකිරීම් අදියර දෙකකින් සිදුකෙරෙන බවත් එහි එක් කොටසක් මාගා ඉංජිනියරින් සමාගම විසිනුත් අනෙත් කොටස මෙටර්ලජිකල් කොපරේෂන් ඔෆ් චයිනා සමාගම විසින් ද සිදුකිරීමට නියමිත බව අමාත්‍යවරයා පැවසීය.
කෙසේ නමුත් රඹුක්කන ගලගෙදර කොටසේ ආයෝජනය සම්බන්ධයෙන් එහි ටෙන්ඩරය නිකුත් කිරීමෙන් අනතුරුව සලකා බලන බවද පැවසූ අමාත්‍යවරයා චීන එක්සීම් බැංකුව නව කොන්දේසි මත අරමුදල් ලබාදීම ආරම්භ කොට ඇති බවත් ඒ අනුව අධිවේගී මාර්ගය ඉදිකිරීමට අවශ්‍ය කරන ඩොලර් මිලියන 500 ක මුදලක් චීන යුවාන් වලින් ලැබෙන බවද පැවසීය. මාර්ගය ඉදිකිරීම සඳහා අවශ්‍ය කරන අනෙක් ඩොලර් මිලියන 438 ක මුදල ශ්‍රී ලංකා රජය විසින් සපයන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.