මදුරන්කුලිය කර්මාන්ත ශාලාවේ ආසාදිතයින් ( 22 ) දින වන විට 75 ක් දක්වා වර්ධනය වි ඇති බව මුන්දලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
අදාල කර්මාන්ත ශාලවේ සේවය කරමින් සිටින සේවක සේවිකාවන් 300 අතරින් 75 දෙනෙකු මෙසේ කොවිඩ් ආසාදිත වි ඇති බව මේ වන විට සිදුකර ඇති ජෛව පටල සාම්පල මගින් සනාථ වි තිබේන බව කියයි.
අදාල ආසාදිතයින් පුත්තලම , වනාතවිල්ලුව, මුන්දලම ,ආණමඩුව , කල්පිටිය , යන ප්‍රදේශ වල පදිංචි කරුවන් වන අතර මෙම ආසාදිතයින් හේතුවෙන් ස්වයං නිරෝධායනයට පවුල් 300 ක පුද්ගලයින් 600 ක් පමණ මේ වන විට යොමුකර ඇති බව කියයි.