මදුරන්කුලිය අසාර් නගර් ආරාබි විද්‍යාල භුමියට පොලිස් ආරක්ෂාව යොදවයි
- 4 05 2020
- 16:07
- {{hitsCtrl.values.hits}} views
- හිරාන් ප්‍රියංකර
මදුරන්කුලිය අසාර් නගර් පිහිටි අරාබි පාසල් භූමියට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ උපදෙස් මත මුන්දලම පොලීසිය මගින් විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බව පොලීසිය පවසයි.
මෙසේ අදාල අසාර් නගර් අරාබි පාසල් භූමියට පොලිස් ආරක්ෂාව යොදවා ඇත්තේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ ( 3) දින කල්පිටියේදි අත්අඩංගුවට ගත් සැකකරුවකු කළ ප්‍රකාශයක් මත බව කියයි.
අදාල සැකකරු පාස්කු ප්‍රහාරය මෙහෙය වු ප්‍රහාරකයා වන සහරාන් හෂීම් හා මෙහොමඩ් ඉබ්රාහිම් නැමති ව්‍යාපාරිකයාගේ පුතුන් දෙදෙනා ගෙන්වා මදුරන්කුලිය අසාර් නගර් අරාබි විද්‍යාලයේ ගොඩනැගිල්ලක අන්තවාදය පිළිබදව ආගමික දේශන පවත්වා ඇති බව කියයි.
අදාල භූමිය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කිරිමට නියමිත විශේෂ පරික්ෂණයක් වෙනුවෙන් මෙසේ පොලිස් ආරක්ෂාව යොදවා ඇති බව කියයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
