නුවරඑළිය, රාගල, හයිෆොරස්ට් ප්‍රදේශයේදී කම්බි මදුවකට හසුව මිය ගොස් සිටියදි කඳුකර කොටියෙකුගේ සිරුරක් අද (11දා) සොයා ගත්බව වනජීවී නිලධාරීහු පවසති.
සතුන් ඇල්ලීම සඳහා එළවළු කොටුවක අටවන ලද කම්බි මදුවකට හසුව මීට දිනකට පමණ පෙර මෙම කඳුකර කොටියා මිය යන්නට ඇති බවද එම නිලධාරීහු සඳහන් කරති.
කම්බි මදුවකට අසුවීමෙන් මරණයට පත්ව සිටි මෙම කඳුකර කොටියා හොඳින් වැඩුණු අඩි හතක් පමණ දිග පිරිමි සතෙකු බවද වනජීවී නිලධාරීහු පවසති.
මිය ගිය කොටියාගේ මළ සිරුර මරණ පරීක්ෂණය සඳහා රන්දෙණිගල පශු වෛද්‍ය රෝහලට රැගෙන යාමට වනජීවී නිලධාරීන් පියවර ගෙන තිබිණි.
මේ පිළිබඳව වනජීවී දෙපාර්තුමේන්තුව විශේෂ පරීක්ෂණයක් සිදු කරමින් පවතී.
ශාන් හුලංනුගේ
