පාසල් ළමුන් සහ තරුණයන් ඉල්කකර ගනිමින් මත් පෙති නීති විරෝධි ලෙස අළෙවි කිරීමේ ජාවාරමක යෙදී සිටි කොටගල නගරයේ ඖෂධ අළෙවිහලක් (ෆාමසියක්) වටලා එහි අළෙවි කිරීම සඳහා ගබඩා කොට තිබු මත් පෙති 1207 ක් ඊයේ (26දා) අත්අඩංගුවට ගත් බව තලවකැලේ පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
මානසික රෝගීන්ට ලබා දෙන ඖෂධයක් මෙසේ නිසි වෛද්‍ය අනුමැතියන්ගෙන් තොරව ප්‍රදේශයේ පාසල් ළමුන් සහ තරුණයන් ඉලක්කර ගනිමින් මත්ද්‍රව්‍යයක් ලෙස මෙම ඖෂධහල මගින් කලක පටන් අළෙවි කිරීමේ ජාවාරමක යෙදී ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදු කරන ලද මුලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
අත්අඩංගවට ගන්නා ලද මත් පෙති තොගය සහ සැකකරු නීතිමය කටයුතු සිදු කිරීම සඳහා නුවරඑළිය දිස්ත්‍රික් රජයේ ආහාර සහ ඖෂධ පාලකවරයාට භාරදීමට පොලිස් විශේෂ කාර්ය බලකාය පියවර ගෙන තිබේ.
නුවරඑළිය දිස්ත්‍රික් රජයේ ආහාර සහ ඖෂධ පාලකවරයාගේ සහාය ලබා ගනිමින් තලවකැලේ පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරී කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කරන ලදි.
ශාන් හුලංනුගේ