මෙම වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පාසල් වයසේ ළමුන් 81දෙනෙකු ප්‍රතිකාර සඳහා යොමු කර තිබෙන බවත්, ඒ අතර අවුරැදු 10 -14ත් අතර දරුවන් 03ක් සහ අවුරුදු 15 – 19 අතර දරුවන් 78ක් සිටින බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පැවසීය.
අපේ ජන බල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අද (09දා) පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27/2 යටතේ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
මෙම ගැටලුව සම්බන්ධයෙන් තමා සමීක්ෂණයක් සිදුකරගෙන යන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයෙන් ලබා ගත් දත්ත අනුව 2022 ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා පාසල් යා යුතු වයසේ දරැවන්ගෙන් මත්ද්‍රව්‍ය ඇබ්බැහිවීම් සඳහා ප්‍රතිකාර වලට යොමු කළ සංඛ්‍යාව පහත දැක්වේ. අවුරුදු 10 -14ත් අතර දරුවන් 03ක්, අවුරුදු 15 – 19 අතර දරුවන් 78ක් මෙලෙස ප්‍රතිකාර සඳහා යොමු කරලා තිබෙනවා පුණරුත්තාපනය සඳහා. මේ සම්බන්ධයෙන් සමීක්ෂණයක් කරන්න මම දැන් කටයුතු කරගෙන යනවා.