මත්පෙති 500ක් සමග තරුණයා කොටුවෙයි
පාසැල් ළමුන් ඉලක්ක කර ගනිමින් මත්පෙති බෙදාහරින පුද්ගලයකු , මත්පෙති 500ක් සමග ඊයේ (02දා) රාත්රියේ, මොණරාගල කචිචෙිරිය හංදිය ප්රදේශයේදි අත්අඩංගුවට ගත් බව මොණරාගල පොලිසිය පවසයි.
අත්අඩංගුවට පත් සැකකරු බදුල්ල,ඉඹුල්ගොඩ ප්රදේශයේ පදිංචි 36 හැවරිදි පුද්ගලයකු බව අනාවරණයවි ඇත.
මොණරාගල මුලස්ථාන පොලිසියේ බුද්ධි නිළධාරින්ට ලද තොරතුරකට අනුව මෙම වැටලිම සිදුකර තිබෙි.
සැකකරු,ඌව පළාත තුල පාසැල් දරුවන් ඉලක්ක කර ගනිමින් මෙම මත්පෙති බෙදාහරින බවට පොලිසිය සැකකරයි.මොහු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ, මොණරාගල කචිචෙිරිය හංදිය ප්රදේශයේ බස් නැවතුමක රැදි සිටියදීය.සැකකරැ ඔහුගේ බෑගයක් තුල සගවාගෙන සිටියදි පොලිසිය මෙම මත්පෙති තොගය සොයාගෙන ඇත.
සැකකර අද (03දා) මොණරාගල මහේස්ත්රාත් අධිකරණය හමුවට පැමිණවිමට නියමිතව තිබුණි.
මොණරාගල පොලිසිය මෙි පිලිබදව වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරයි.
මොණරාගල-නයනජිව බන්ඩාර

popular news
-
Kumar Friday, 03 February 2023 04:08 PM
americawe allaganna mathpethiwalata awashaya amudrawya nispaadanay karanney cheeneye kiyalayi merata baladharin kiyanney.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

