මත්පැන් හල් නොවසයි - ඇතැම් සුරා බදු ස්ථාන වසයි
- 9 10 2020
- 13:40
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
රට තුළ නැවත කොවිඩ් වසංගත තත්ත්වය යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති නව මාර්ගෝපදේශ අනුව වසා දමන්නේ පබ්ස් ඇන්ඩ් බාර්ස් හා කැසිනෝ හා රාත්‍රී සමාජ ශාල පමණක් බව සුරාබදු දෙපාර්තමෙන්තුව පවසයි.
ඒ අනුව විදේශ මත්පැන් තැබෑරුම්, හෝටල පීඨිකා, විනෝද පීඨිකා, දුම්රිය භෝජනාගාර, ආපන ශාලා, සමාජ ශාලා, අවස්ථා බලපත්‍ර, බියර් හා වයින් ස්ථානීය පරිභෝජනය යන සුරා බදු බලපත්‍ර ලත් ස්ථාන එළැඹෙන 31 දා තෙක් වසා තබන බව එම දෙපාර්තමේන්තුව පවසයි.
කෙසේ වෙතත් සීමා කිරීම් යටතේ මත්පැන් හල් හා හෝටල, තානායම් හා අගන්තුක නිවාස පවත්වාගෙන යා හැකි බවද සුරා බදු දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව වයින් ස්ටෝර්ස්, හෝටල, තානායම්, බියර් හා වයින් සිල්ලරට විකිණීම යන සුරාබදු ස්ථාන එළැඹෙන 31 දා තෙක් ඉහළ සීමා කිරීම් යටතේ පවත්වාගෙන යෑමට අවස්ථාව පවතී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
