පිටිගල හොරන්ගල්ල ප්ර දේශයේ දෙපිරිසක් අතර අද (7)ඇතිවූ ගැටුමකින් එක් අයෙක් මරුමුවට පත්වී දෙදෙනෙක් බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව පිටිගල පොලීසිය කියයි. මෙසේ මිය ගොස් ඇත්තේ පිටිගල හොරන්ගල්ල තල්ගස්වල පදිංචි අස්සමුල්ල කංකානම්ගේ සැමි නමැති හැටඑක් හැවිරිදි අවිවාහක පුද්ගලයකි.
ගැටුමෙන් තුවාල ලැබූ දෙදෙනාම පිටිගල හොරන්ගල්ල තල්ගස්වල පදිංචි අයවලුන් බවත් ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙක් තිස් හැවිරිදි අයෙක් බවත් අනෙක් තැනැත්තා හැට හැවිරිදි අයෙක් බවත් පොලීසිය කියයි. ඔවුන් දෙදෙනාම මේ වනවිට ඇල්පිටිය මූලික රෝහලේ ප්රතිකාර ලබමින් සිටින බවද පොලීසිය කියයි.
ගැටුමෙන් තුවාල ලබා ප්රතිකාර ලබන දෙදෙනාම මේ ඝාතනයේ සැකකරුවන් බවත් ඔවුන් දෙදෙනාම පොලිස් ආරක්ෂාව යටතේ පසුවෙන බවත් පොලීසිය කියයි. ඝාතනයවූ අය සහ තුවාල ලැබූ දෙදෙනාම එකට මත් පානය කර ඇති බවත් එහිදී ඇතිවූ කතා බහක් දුරදිග යාමෙන්වූ ගැටුමක් මේ ඝාතනයට හේතුව බව මූලික විමර්ශණවලදී අනාවරණයවූ බවත් පොලීසිය කියයි. පිටිගල පොලීසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි.