මත්ද්‍රව්‍ය සාදයක් පැවැත්වූ තරුණියන් 4ක් අත්අඩංගුවට
කාන්තාවක විසින් බියගම යබරලුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නේවාසිකාගාරයක කාමරයක් තුළ මත්ද්‍රව්‍ය සාදයක් පවත්වමින් සිටි තරුණියන් හතර දෙනෙකු අත්අඩංගුවට ගත් බව බියගම පොලිසිය පවසයි.
පොලිසියට ලද තොරතුරක් මත කරනලද මෙම වැටලීමේදී හෙරොයින් මත් කුඩු මිලිගෑම් 300ක් හා අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 100ක් අත්අඩංගුවට ගෙන ඇත.
වැලිමඩ සහ අවට ප්‍රදේශවල පදිංචි අවුරුදු 18ත් 22ත් අතර වයසේ පසුවන මෙම තරුණියන් බියගම වෙළෙඳ කලාපයේ රැකියා කරන බව පවසමින් නවාතැන් ගෙන මෙලෙස මත් ද්‍රව්‍ය සාදය 21 දින පවත්වා ඇත. මෙම පිරිස මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත.
popular news
-
Vincent gomas Tuesday, 25 July 2023 07:05 AM
Mamath asprin gannawa
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

