මත්ද්‍රව්‍ය සමග 16ක් අඟුලානේදී අත්අඩංගුවට
මොරටුව අඟුලාන පොලිස් බල ප්‍රදේශය තුළ සිදුකළ විශේෂ අපරාධ මැඩලීමේ මෙහෙයුම්කින් සැකකරුවන් දාසය දෙනෙකු අද (6දා) අලුයම අත්අඩංගුවට ගත් බව අඟුලාන පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් දාසයදෙනා අතර හෙරොයින් ජංගම අලෙවිසැල් පවත්වාගෙන ගිය සැකකාරියන් දෙදෙනෙකු සිටින බව සඳහන් කරන පොලිසිය සැකකරුවන් දාසය දෙනා අතර විවෘතව ලැබූ තිදෙනෙක් ද සිටින බව පොලිසිය පැවසීය.
මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස සතුව තිබී හෙරොයින් මිලිග්‍රෑම් පහලොස්දාස් පන්සියයක් ද ගංජා ග්‍රෑම් අටක් අයිස් මි.ග්රෑ හතළිහක් නීති විරෝධී මත්පැන් මිලි ලීටර් 1500ක් තිබූ බව සඳහන් කරන පොලිසිය සැකපිට 4 දෙනකු අත්අඩංගුවට ගත් බව පැවසීය.
වයස අවුරුදු 40,55,34,60,43,18, වයස් කාණ්ඩ වල පසුවන මෙම සැකකරුවන් සහ සැකකාරියන් මොරටුව අඟුලාන.රත්මලාන ලුනාව යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බව පැවසීය.
මොවුන් මීට පෙරද අවස්ථා ගණනාවකදී විවිධ අපරාධ සම්බන්ධයෙන් බන්ධනාගාර ගත වූවන් බව සඳහන් කරන පොලිසිය සැකකරුවන් දාසය දෙනාම අද දින මොරටු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම්ට නියමිත බව සඳහන් කළේය.
මොරටුව රේඛා තරංගනී ෆොන්සේකා
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

