රක්ෂිත බන්ධනාගාර ගතව සිටින ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු මෙහෙය වන මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ ඔහුගේම නැගණිය හා පුද්ගලයින් පස් දෙනෙකු හදුනා නොගත් මත් කරල් 900 ක් අයිෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලි ග්‍රෑම් 240 ක් සහ අලෙවි මුදල් රුපියල් 20400 ක්ද සමග ඉකුත් 08 වන දින ගල්කිස්ස දූෂණ මර්දන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.
සැකකරුවන් හා සැකකාරිය ගල්කිස්ස හා බඩෝවිට යන ප්‍රදේශවල පදිංචිව සිටින වයස අවුරුදු 24 ත් 38 ත් අතර පසුවන්නන්ද වන බවත් පොලීසිය කියයි .
මෙම වැටලීමේදී අයිෂ් ග්‍රෑම් 10 ක් මිලිග්‍රෑම් 100 ක් සමග අත්අඩංගුවට ගත් සැකකාරියගේ සහෝදරයෙකුද මීට පෙර මත්ද්‍රව්‍ය ජාවාරම්වලට අසුවී මේ වනවිටත් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින අතර දුරකථන මාර්ගයෙන් තම නැගණිය යෝදාගන මෙම ජාවාරම මෙහෙයවා ඇති බවත් සිදුකල විමර්ශන වලදී හෙලිවී ඇතැයිද පොලීසිය කියයි .
දෙහිවල එච් එම් ධර්මපාල
