මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ චීවරධාරීන්ට නිතිය අනුව කටයුතු කරනවා
ගුවන්තොටුපලේ දී භික්ෂූන් වහන්සේලා අත්අඩංගුවට ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් මහානායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා ඇතිව කටයුතු කරන බවත් ඒ සම්බන්දයෙන් නීතියානුකූලව ගත යුතු ක්‍රියාමාර්ග ඒ ආකාරයෙන්ම ගැනීමට කටයුතු කරන බවත් ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මහව දී පැවසීය.
බලයට පත්වූ දින සිට නීති විරෝධී ක්‍රියාකාරකම් පිළිබඳව ගත හැකි ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් එය සිදු කරන්නේ කෙනෙකුගේ තරාතිරම බලා නොවන බවත් අමාත්‍යවරයා කීය.
අමාත්‍යවරයා මෙසේද කීය.
නීතිය ඉදිරියේ සියලු දෙනාම සමානයි කියන ක්‍රමය කවුරුත් දන්නවා. දුබලයාට එක නීතියකුත් බලවතාට එක නීතියකුත් ක්‍රියාත්මක වීමට ඉඩකඩක් නෑ. . යම් කෙනෙක් නීති විරෝධී අනුව කටයුතු කරනවා නම් ඒ වෙනුවෙන් මැදිහත්වීම් කර ඔහුව නීතිය රැහැණට හසුකර ගැනීමට සියලු පියවර ගන්නවා.
මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩපිළිවෙළ අපි රට පුරා දියත් කර සාර්ථක ක්‍රියාත්මක වෙනවා. එහි පියවරක් විදිහට තමයි මත්ද්‍රව්‍ය කිලෝ එකසිය දහයක (110) ප්‍රමාණයක් සමග කටුනායක දී ස්වාමීන් වහන්සේලා කීප නමක් අත්අඩංගුවට ගෙන තියෙන්නේ. මේ පිළිබඳව විමර්ශනයක් සිද්ධ වෙමින් පවතිනවා. අධිකරණයට කරුණු වාර්තා කර ඉදිරි ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කරනවා යැයි ද කීය.
විමර්ශන වලට වන බාධා සම්බන්ධයෙන් අපි නිරීක්ෂණය කරමින් ඉන්නවා. එවැනි බාධා සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට රජය හැටියට පසුබට වන්නේ නැති බවද සදහන් කළේය.
මහව - සජීවා කෝට්ටගොඩ පොල්පිතිගම - බණ්ඩාර තල්පත්වැව
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
