යාපනය කෝපායි පොලිස් වසමේ 15 හැවිරිදි පිරිමි සිසුවෙකු මත්ද්‍රව්‍ය ශරීරගත වීම හේතුවෙන් ඇති වූ අසාධ්‍ය තත්වයක් හේතුවෙන් ඊයේ (29දා) මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි.
අදාල සිසුවා ශරීරයේ ඇති වූ උණ රෝගී තත්වයක් හේතුවෙන් පසුගිය 28දා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇත්තේ කිසියම් වයිරසයක් හේතුවෙන් උණ හටගෙන ඇති බවට පවසමිනි.
කෙසේ වෙතත් ඊයේ දින හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇති වී දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කොට ප්තිරකාර සිදුකලද මිය ගොස් තිබුණි.
අනතුරුව යාපනය ශික්ෂණ රෝහලේදී සිදුකරන ලද පශ්චාත් මරණ පරික්ෂණයේදී අනාවරනය වී ඇත්තේ අදාල පිරිමි දරුවා මත්ද්‍රව්‍ය සිරුරට අධිමාත්‍රාවක් එන්නත් කරගැනීමේදී අති වූ ආසාදනයක් හේතුවෙන් මිය ගොස් ඇතැයි පොලීසිය පැවසීය.
මේ අතර මේ වසරේ ගතවූ කාලය තුලදී පමණක් මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් ඇති වූ ආසාදනයන් මගින් පුද්ගලයින් 13 දෙනෙකු යාපනය දිස්ත්රීූක්කය තුල මිය ගොස් ඇතැයිද පරික්ෂණ සිදුකරන කෝපායි පොලීසිය වැඩිදුරටත් පැවසීය.