මත්ද්‍රව්‍ය වැරදි නිසා බන්ධනාගාර ගතවන රැඳවියන්ගේ ප්‍රමාණය ඉහළට
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්දයෙන් බන්ධනාගාරගතවන රැදවියන්ගේ සංඛ්‍යාව දිනෙන් දින වැඩිවෙමින් පවතින අතර ඉකුත් වර්ෂයේ (2025) බන්ධනාගාරගත වු මුළු රැදවියන් සංඛ්‍යාවෙන් සියයට 61.2ක් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ද රැදවියන් බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.
ඉකුත් වර්ෂය තුල මත්ද්‍රව්‍ය වැරදිමත සිරගතවුවන් සංඛ්‍යාව 29,177ක් වු අතර සැකකරුවන් සංඛ්‍යාව 75,164කි. මත්ද්‍රව්‍ය වැරදි වැඩිවිම රටේ අනෙකුත් අපරාධ ක්‍රියාකාරකම් වැඩිවිමට සෘජුවම බලපාන අතර මත්ද්‍රව්‍ය වැරදිකරුවන්ගෙන් වැඩිපිරිසක් මත්ද්‍රව්‍ය භාවිතය, සන්තකයේ තබා ගැනිම,මිලදි ගැනිම හා විකිණිම සම්බන්දයෙන් බන්ධනාගාරගත වුවන් බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
මත්ද්‍රව්‍ය භාවිතය විකිණිම හා සන්තකයේ තබා ගැනිම සම්බන්දයෙන් බන්ධනාගාරගතවන රැදවියන් අනිකුත් රැදවියන් සමග වෙන්නොකර රදවා තැබිම හේතුවෙන් බන්ධනාගාරය තුල පාතාල ක්‍රියාකාරින් සමග මිශ්රවිම නිසා පාතාල ක්‍රියාකාරකම් වර්ධනය වි බරපතල සමාජ අර්බුදයක් නිර්මානය වි ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ.
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්දයෙන් බන්ධනාගාරගතවන රැදවියන් විශාල වශයෙන් වැඩිවිම බන්ධනාගාර තදබදයටද ප්‍රධාන හේතුවක් වි තිබුණි. මේ හේතුවෙන් ඔවුන් විධිමත් ලෙස පුනරුත්ථාපනය කිරිමට අපහසු තත්ත්වයක් බන්ධනාගාර පද්ධතිය තුල නිර්මානය වි ඇත. සිරකරුවන් විධිමත් ලෙස පුනරුත්ථාපනය කිරිමට නොහැකිවු විට ඉ ඔවුන් නැවත නැවත බන්ධනාගාරගතවන අතර ඉන් වැඩිපිරිසක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් බවද විගණන වාර්තාවේ සදහන් වේ. ඉකුත් වර්ෂය තුලදි නැවත නැවතත් සිරගතවුවන් සංඛ්‍යාව 26,140කි.
බන්ධනාගාර දෙපාරත්මෙන්තුව සම්බන්දයෙන් 2025 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති වාර්ෂික කාර්යසාධන වාර්තාවට ඇතුළත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
