මත්ද්‍රව්‍ය භාවිත කර පෞද්ගලික මගී බස් රථවල සේවයේ යෙදෙමින් සිටි රියදුරන් සහ කොන්දොස්තරවරුන් හත් දෙනෙකු පිළියන්දලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පිළියන්දල ප්‍රධාන බස් නැවතුම්පොළේදී ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ විශේෂ බස් රථයක් තුළ සිදු කළ පරීක්ෂාවෙන් පසු මෙසේ ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
එහිදී බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් 170 ක් එහිදී පරීක්ෂාවට ලක් කර ඇති බව වැඩිදුරටත් සඳහන්. (I J)