මොරටුව පිටකොටුව,පානදුර පිටකොටුව ඇතුළු බස්නාහිර පළාතේ ධාවනය වන කෙටිදුර බස් රථ වල සේවය කරන ඇතැම් රියදුරන් සහ කොන්දොස්තරවරු හෙරොයින්,අයිස් වැනි මත්ද්‍රව්‍ය භාවිතා කර බස්රථ සේවයේ නිරත වන බවට බස් සංගම් වලින් දිගින් දිගටමම පැමිණිලි ලැබී ඇති බවත් ඒ පිළිබඳව වැටලීම් ඉදිරියේ දී කිරීමට බලා බලාපොරොත්තු වන බවත් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ඕ.ඩබ්ලිව් සංජීව මහතා අද (01දා)පැවසීය.
ඒ මහතා මෙම අදහස් පළ කරනු ලැබූයේ මතට ඇබ්බැහිවූවන් බස් රථ ධාවනය නිරත වන්නේ යැයි මගීන්ගෙන් මාධ්‍යයට ලැබුණු තොරතුරකට අනුව සභාපතිවරයාගෙන් අප ඒ පිළිබඳවව විමසා සිටි අවස්ථාවේ දී ය.
මෙවැනි මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් බස් රථ සේවයට එක්ව සිටීම විනීත සහ ගෞරවනීයව සේවයේ නිරතවන රියදුරු සහ කොන්දොස්තර වරුන්ගේ අනාගතයටද විශාල තර්ජනයක් බව සඳහන් කරන ඒ මහතා මේ වෙනුවෙන් කඩිනම් .පියවර ගැනීමේ අවශ්‍යතාවයක් මතුව ඇති බවද පැවසීය.
මෙම මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වීමේ තත්වය බස්නාහිරට පැමිණෙන දුර පළාත් බස්රථ සේවා වල සේවකයින් අතරද දක්නට ලැබෙන බව සඳහන් කළ ඒ මහතා මත්පැන් පානය කරපු අයෙකු හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් ලෙස ඇල්කෝ ලයිසර් භාවිතය සහ වෙනත් ක්‍රමවේදයන් පැවතුනද හෙරොයින්,අයිස් භාවිතා කළ පුද්ගලයන් හඳුනා ගැනීමේදී ගැටළු පවතින බව ද පැවසීය.
කෙසේ වුවද මෙය දැඩිව ගැටලු ඇතිකර වූ තත්ත්වයක් බව සඳහන් කරන ඒ මහතා මේ පිළිබඳව යම් පියවරක් ගන්නට යැයි ඉල්ලීම් සිය සේවය ගෞරවාන්විතව පවත්වාගෙන යන බස් රථ හිමියන් සහ කොන්දොස්තර රියදුරන්ගෙන් ඉදිරිපත් වී ඇති බවද පැවසීය.
පොලිසිය,සෞඛ්‍ය අංශ, බස්රථ සංගම්වලද සහය ඇතිව මෙවැනි පුද්ගලයන් බස් සේවයෙන් ඉවත් කිරීම්ට සැලසුම් කර ඇති බව සඳහන් කරන ඒ මහතා පසුගිය කාලයේ හඳුනාගත් ඇතැම් බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් ගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අද අදාළ බස් රථ හිමියන් ද සමග එක්ව නැවැත්වීමට කටයුතු කළ බවද ඒ මහතා පැවසීය.
මෙවැනි රියදුරන් මගී ප්‍රවාහනයට එක්ව සිටීම මගින්ගේ ජීවිතවලට ද විශාල මාරකයක් බව සඳහන් කරන ඒ මහතා පොදුවේ මෙම තත්ත්වය බොහොමයක් මාර්ගස්ථ බස් ප්‍රවාහනය තුළ දක්නට ලැබෙන කාරණයක් බව ද පැවසීය.
මෙම රියැදුරු සහ කොන්දොස්තර වරුන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය අද ඊයේ ආරම්භ වූවක් නොවන බව සඳහන් කරන ඒ මහතා මෙම තත්ත්වය කාලෙක සිට දක්නට ලැබුණු කාරණයක් බවද පැවසීය.
මොරටුව රේඛා තරංගනී ෆොන්සේකා