මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා කියන එක බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ පමණක් නොව පාසල් වලත් අද වන විට සිදු වෙන බවත් මෙයින් පිළිබිඹු වන්නේ මුළු සමාජයම පරිහානියට පත් වී තිබෙන බව යැයිද ප්රයත්නයන් දරන්නේ සමාජය යහපත් පංචශීල ප්‍රතිපදාව අනුගමනය කරන සමාජයක් බිහි කිරීමට බව බෞද්ධ හා පාලි විශ්ව විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය නෙලුවේ සුමනවංශ හිමියෝ පැවැසූහ.
උන්වහන්සේ එය බව අවධාරණය කර සිටියේ අද (23) මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් උන්වහන්සේලා දැනුවත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි. එහිදි උන්වහන්සේ වැඩිදුරටත් මෙසේ පැවැසූහ.
“විශ්වවිද්‍යාලය තුළ විනය කඩකල ශිෂ්‍යයන්ට එරෙහිව ගත යුතු විනයානුකූල පියවර අප ගන්නවා. මේ වන විටත් ශිෂ්‍යයන් 30 කගේ පන්ති තාවකාලිකව තහනම් කොට තිබෙනවා .
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ ඉදිරි කටයුතු සිදු කරන ආකාරය සම්බන්ධයෙන් මහනාහිමිවරුන්ගෙන් කරුණු දැන ගැනීමටයි අප අද මෙහි පැමිණියේ. අප මේ ආකාරයට මහනාහිමිවරුන් සිවු නම හමුවි අවශ්‍ය උපදෙස් ලබාගෙන ඉතා ඉක්මනින් විශ්වවිද්‍යාලය ආරම්භ කරන්න කියලයි මහනාහිමිවරුන් අපට උපදෙස් දුන්නේ.
විශ්වවිද්‍යාලය තුළ ඇතිවි තිබෙන ව්‍යාකූල තත්වය ඉක්මනින් සමනය කිරීමට අවශ්‍ය පියවර අප ගනිමින් සිටිනවා. දැනට බොහෝ දුරට එම තත්ත්වය සමනය වී තිබෙනවා. ශිෂ්‍යයෝ අපේ කීම අසා කිසිදු විරෝධතාවයක් නොමැතිව විශ්වවිද්‍යාලයෙන් පිටව ගොස් තිබෙනවා. මෙවැනි දේ ඉදිරියට සිදු නොවීමට යම් යම් සංශෝධන කොට ඉතා ඉක්මනින් විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා.”
ෂේන් සෙනෙවිරත්න
