මත්ද්‍රව්‍ය තොගයක් පාර්සල් තැපැල් ඔස්සේ එයි
රුපියල් එක් කෝටි අනූ ලක්ෂයක් පමණ වටිනා කුෂ් නැමැති ගංජා සහ කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් , කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත පාර්සල් තැපැල් ඔස්සේ එවා තිබියදී අද (08දා) රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්යක්ෂ ( නීති කටයුතු )සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කළේය .
ඇමෙරිකා එක්සත් ජනපදය , කැනඩාව සහ නෙදර්ලන්තය යන රටවල සිට කොළඹ ප්‍රදේශයේ තැපැල් ලිපිනයන් 05 ක් වෙත කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව එවා තිබූ සැක කටයුතු පාර්සල් ලිපි 05 ක් අද (08දා) රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් විවෘත කර පරීක්ෂා කිරීමේදී මත්ද්‍රව්‍ය තොගය අත් අඩංගුවට ගැනීමට සමත් වී තිබේ .
මෙම පාර්සල් ලිපි තුළ කුෂ් නැමැති ගංජා කිලෝ ග්රැම් එකකට ආසන්න ප්‍රමාණයක් සහ කොකේන් මත්ද්‍රව්‍ය ග්රැම් 50 ක් පමණ සගවා තිබියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සොයාගෙන අත් අඩංගුවට ගෙන තිබේ .
මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සදහා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය , පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දී තිබේ .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

