මත්ද්‍රව්‍ය ජාවාරමෙකුගේ රු. ලක්ෂ 555ක් දේපළ ක්‍රියා විරහිත කරයි
මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරමින් අයතා ලෙස වත්කම් උපයා ගැනීමක් සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාස වෙත ලද පැමිණිල්ලක් මත විමර්ශනයක් ආරම්භ කර තිබුණි.
ඒ අනුව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් නීති විරෝධී ආකාරයෙන් උපයාගන්නා ලද මුදලින් ඔහුගේ බිරිදගේ නමින් මිලදීගෙන තිබූ රුපියල් ලක්ෂ 155 ක් වටිනා කාර් රථයක් සඳහා මුදල් විශූද්ධීකරණය වැලැක්වීමේ පනත ප්‍රකාරව ක්‍රියා විරහිත කිරීමේ නියෝගයක් නිකුත්කර තිබුණි. අනතුරුව කොළඹ මහාධිකරණය මගින් එම නියෝගය දීර්ඝ කර ඇත.
ඉහත සැකකාරියද විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන කොළඹ ගරු ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ අතර වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වූ තොරතුරු මත මත්ද්‍රව්‍ය ජාවාරම් කරු විසින් එම සැකකාරියගේ නමින් මිලදීගෙන ඇති ජාඇල පොලිස් වසමේ වැලිගම්පිටිය ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 400ක් පමණ වටිනා තෙමහල් නිවසක් සහිත ඉඩමක්ද 2026.03.13 වන දින සිට දින 07ක කාලයක් සඳහා ක්‍රියා විරහිත කිරීමේ නියෝග නිකුත්කර ඇත. නීති විරෝධීවත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

