මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියගේ නිවසේ මත්කුඩි බීපු බන්ධනාගාර නියාමකවරුන් අල්ලයි
අම්පිටිය ගාල්තැන්න මාර්ගයේ දළුක්ගොල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරණියකගේ නිවසක මත්කුඩු උරමින් සිටි පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයේ රාජකාරියේ නියුතු බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙකු මහනුවර මූලස්ථාන පොලිසියේ අපරාධ අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .
අම්පිටිය ගල්තැන්න මාර්ගයේ දළුගොල්ල ප්‍රදේශයේ නිවසක කාන්තාවක මත්ද්‍රව්‍ය අලෙවි කරන බවට ලද තොරතුරකට අනුව මහනුවර මූලස්ථාන පොලිසියේ නිලධාරීන් පිරිසක් එම නිවස වටලන විට එම බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනා මත්ද්‍රව්‍ය භාවිතා කරමින් සිට ඇති අතර එම දෙදෙනා අත්අඩංගුවට ගෙන මහනුවර ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය කාර්යාලයට ඉදිරිපත් කොට රුධිර පරීක්ෂාවක් සිදු කිරීමේදී ඔවුන්ගේ ශරීරයේ අයිස් මද්‍රව්‍ය ඇති බවට තහවුරු වී තිබේ .
එම බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනා අධිකරණයෙන් ලබාගත් රඳවා ගැනීමේ නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන අතර පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරය තුළ සිදුවෙන මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ඔවුන්ගෙන් දිගින් දිගටම ප්‍රශ්න කරන බව ඉහළ පොලිස් නිලධාරියෙකු පැවසීය .
මහනුවර පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නලින් ඉන්දික සහ පොලිස් පරීක්ෂක ශාලිත යන මහත්වරුන් ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරයි .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

