මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියකගේ රු ලක්ෂ 570ක දේපළ ක්‍රියාවිරහිත කරයි
2026.07.08 දින පුබුදුගම, උස්වැටකෙයියාව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් විසින් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකර වත්කම් උපයාගෙන ඇති බවට ලද පැමිණිල්ලක් මත නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් විමර්ශනයක් ආරම්භ කර ඇත.
සිදුකරන ලද විමර්ශනයේදී, සැකකාරිය විසින් පුබුදුගම, උස්වැටකෙයියාව ලිපිනයේ පිහිටි පර්චර් 20 ක ඉඩමක ඉදිකරන ලද රුපියල් කෝටි 05 ක වටිනාකමකින් යුත් දෙමහල් නිවස හා කුංජාවත්ත, නුගපේ, වත්තල ලිපිනයේ පිහිටි පර්චස් 9.5 ක් පමණ වූ ඉඩමෙහි ඉදි කල රුපියල් ලක්ෂ 70 ක පමණ වූ නිවස හා කඩ කාමරය මෙලෙස මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්නා මුදලින් ඉදිකර ඇති බවට අනාවරණය වී ඇත.
ඉහත දේපල සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව වැලිසර ගරු මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඉහත දේපල සඳහා 2026.07.08 වන දින සිට දින 07ක කාලයක් ක්‍රියාවිරහිත කිරීමේ නියෝග නිකුත් කර ඇත.
සැකකාරිය ප්‍රදේශය හැරගොස් ඇති අතර ඇය අත්අඩංගුවට ගැනීම සඳහා නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
