මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව පැවසෙන 33 හැවිරිදි පුද්ගලයෙකු නයිවල ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී ගම්පහ මූලස්ථාන පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
ගණේමුල්ලේ සංජීව නැමැත්තාගේ ගෝලයෙකු බව පැවසෙන මෙම පුද්ගලයා අත් අඩංගුවට ගනු ලැබූ අවස්ථාවේ එම නිවසෙහි තිබී ජංගම දුරකතන 10ක්, හෙරොයින් ග්‍රෑම් 7ක්, ලැප්ටොප් පරිගණකයක්, බැංකු ගිණුම් පොතක් සහ මුදලින් රුපියල් පන්ලක්ෂ අසූතුන් දහසක් අත් අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
කෙහෙල්බද්දර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පැවසෙන සැකකරු මීට පෙර අපරාධයක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටියදී ගම්පහ මූලස්ථාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ මහතාට ලැබීඇති තොරතුරක් මත මෙලෙස අත් අඩංගුවට ගැනීමට හැකි වූ බව ද පොලිසිය සඳහන් කරයි.
සැකකරු සන්තකයේ තිබී සොයා ගන්නා ලද ජංගම දුරකතන දහය මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ කටයුතු සඳහා යොදා ගත්තේ ද යන්න සම්බන්ධයෙන් ද පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
සැකකරු ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
ගම්පහ තිලකරත්න දිසානායක
