ආරක්ෂක අංශ මග හරිමින් විදේශගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකුගේ රත්ගම පිහිටි රුපියල් කෝටි 15 ක් පමණ වටිනා දේපල තහනම් කළ බව නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය කියයි.
සැකකරු ඔහුගේ මවගේ නමින් මෙම වත්කම් මිලදීගෙන ඇති බවද එම විමර්ශන ඒකකය කියයි. රත්ගම, දේවිනිගොඩ පිහිටි පර්චස් 13.72 ක ඉඩමක ඉදිකර ඇති රුපියල් කෝටි 06 ක් පමණ වටිනා තෙමල් ගොඩනැගිල්ල සහිත ඉඩ, එම ප්ර දේශයේදි පිහිටි රුපියල් කෝටි 4.5 ක් පමණ වටිනා අඩක් නිම කරන ලද තෙමහල් ගොඩනැගිල්ල සහිත පර්චස් 9.10 ක ඉඩම ,දේවිනිගොඩ ප්රදේශයේම පිහිටි පර්චස් 12.33 ක රුපියල් කෝටි 2.5 ක් පමණ වටිනා ඉඩම සහ දේවිනිගොප්රදේශයේම පිහිටි රුපියල් කෝටි 02 ක් පමණ වටිනා ඉඩමක් මෙසේ තහනම් කළ දේපොළ අතර තිබෙන බවද පොලීසිය කියයි