පසඟ පිහිටුවා විහාරාධිපති හිමියන්ගෙන් විවෘත අධිකරණයේ දී සමාව ගෙන සෑම දිනකම බුද්ධ පූජාවට පෙර විහාරස්ථානය සුද්ද පවිත්ර කරන ලෙස ද හොරණ අධිකරණයේ මහේස්ත්රාත් චන්දන කලංසූරිය මහතා මත්පැන් ජාවාරම්කරුවෙකු ට නියෝග කළේය.
ඊට අමතරව එම කටයුත්තෙන් අනතුරුව සතියක කාලයක් අඟුරුවාතොට පොලිසියේ පෙනී සිටින ලෙස ද වැඩිදුරටත් නියෝග කළ මහේස්ත්රාත්වරයා සැකකරු රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින ලෙස වැඩිදුරටත් නියෝග කළේය.
මෙලෙස ඇප මත මුදා හැරියේ අඟුරුවාතොට උඩුවර ප්රදේශයේ මත්පැන් ජාවාරම්කරුවෙකුය. විහාරස්ථාන භූමියකට යාබද ඉඩමේ පදිංචි සැකකාර මත්පැන් ජාවාරම්කරු සම්බන්ධයෙන් පොලිසියට ලද තොරතුරක් අනුව වැටලීම සිදුකර මත්පැන් සමග සැකකරු අත්අඩංගුවට ගැනීමට අගුරුවාතොට පොලීසිය කටයුතු කර තිබිණි.
එම වැටලීම සිදු කර ඇත්තේ විහාරාධිපති හිමියන් පොලිසියට ඔත්තු ලබාදීමෙන් යැයි සැක කළ සැකකරු විහාරාධිපති හිමියන්ට මරණීය තර්ජනය කර තිබිණි.
සැකකරුවෙක් එම ක්රියා ක්රියාකලාපය සම්බන්ධයෙන් පොලිසිය අධිකරණයේ අවධානය යොමු කිරීමෙන් අනතුරුව මහේස්ත්රාත්වරයා ලබාදුන් එම නියෝගය අනුව සැකකරු විවෘත අධිකරණයේ දී විහාරාධිපති හිමියන්ට නමස්කාර කළ අතර ඒ පිළිබද දැඩි අවධානය යොමු කළ මහේස්ත්රාත්වරයා පසග පිහිටුවා වඳින ආකාරය සම්බන්ධයෙන් සැකකරු දැනුවත් කරන ලෙසද පොලිස් නිලධාරීන්ට නියෝග කර ඇත.
ඒ අනුව එම ඉරියව්ව සම්බන්ධයෙන් පොලිස් නිලධාරියෙක් සැකකරු දැනුම්වත් කිරීමෙන් අනතුරුව විහාරාධිපති හිමියන්ට පසඟ පිහිටුවා නමස්කාර කිරීමට සැකකරු කටයුතු කර තිබිණි.