නිති විරෝධී මත්ද්‍රව්‍ය හා මත්පැන් ජවාරම් කර ඉන් උපයාගෙන ඇති බවට ඇති බවට ඇහැලියගොඩ පදිංචි පුද්ගලයෙකු සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමෙන් පනත ප්‍රකාරව විමර්ශන ආරම්භ කර තිබුණි.
ඒ අනුව අදාළ සැකකරුගේ බිරිඳ විසින් නිති විරෝධී ආකාරයෙන් උපයාගත් මුදල් යොදවා රුපියල් කෝටි 03ක් වූ ඩඩාම් කැබලි කොටසක් හා ඇහැළියගොඩ රත්නපුර මාර්ගයට යාබදව පර්චස් හයක ඉඩම් කොටසක් මිලදී ගෙන කඩ කාමරයක් සහිත දෙමහල්
ගොඩනැගිල්ලක් ඉදිකර ඇති බවට අණාවරණය වි තිබේ.
ඒ අනුව අදාළ සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති අතර එම දේපළ දින 07ක් දක්වා අක්‍රිය කළ බව පොලීසිය පවසයි.