මත්ද්‍රව්‍ය කිලෝ 296ක් රැගත් බහුදින ධීවර යාත්‍රා 02ක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකාවට දකුණු දිග ගැඹුරු මුහුදේ සිදුකල විශේෂ නාවික මෙහෙයුමකදී, විෂ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ බවට සැකකෙරෙන දේශීය බහුදින ධීවර යාත්‍රා 02ක් සමඟ සැකකරුවන් එකොලොස් දෙනෙකු (11) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
ශ්‍රී ලංකා පොලීසිය හා නාවික හමුදාව එක්ව තොරතුරු හුවමාරු කර ගනිමින්, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ, නාවික හමුදාවේ දිගුදුර ආවේක්ෂණ නෞකා යොදා ගනිමින් සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරන බවට සැකකෙරෙන බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් පස්දෙනෙකු (05) ද, එම මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව තවදුරටත් සිදුකළ නාවික මෙහෙයුම්වල ප්‍රතිඵලයක් ලෙස, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැක කෙරෙන තවත් බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් හය දෙනෙකු (06) මෙසේ අත්අඩංගුවට ගනු ලැබිණ.
ඊට අමතරව සන්නිවේදන උපකරණ ද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. නාවික හමුදා භාරයට ගත් එම බහුදින ධීවර යාත්‍රා, මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර දාහතරක් (14) සහ සැකකරුවන් 2026 ජනවාරි මස 25 වැනි දින දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙනවිත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් සිදුකල විශේෂඥ පරීක්ෂාවේදී, එම යාත්‍රා තුල තිබු උර දාහතරෙහි (14) හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකසිය අසූ හතරකට (184) අධික තොගයක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකසිය දොලහකට (112) අධික තොගයක් ඇති බවට තහවුරු විය.





popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

