මත්ද්‍රව්‍ය කිලෝ 100 විනාශ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර ලැබුන බවත්, ඒ අනුව එම මත්ද්‍රව්‍ය කිලෝ 100 විනාශ කිරීමට දින යොදා තිබෙන බවට අධිකරණ අමාත්‍යංශය රට තුළ සීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රම වේද පිලිබඳව සොයා බලා ඒ පිළිබඳව නිරික්ෂන හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී පැවසීය.
මේ පිළිබඳව සාකච්ඡා කෙරුණේ එම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පසුගියදා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය.
තවද, මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද සම්බන්ධයෙන් 2023 දෙසැම්බර් මස 12 වන දින වන විට කාරක සභාව වෙත ලැබී ඇති රාජ්‍ය ආයතනවල යෝජනා සහ මහජන අදහස් මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාගත කරනු ලැබූ අතර එහි පිටපතක් පැමිණ සිටි සියලු ආයතන සහ පුද්ගලයන් හට බෙදා දෙන ලදී.
ඒ අනුව, මෙම විශේෂ කාරක සභාව වෙත ලැබී ඇති යෝජනා සහ මහජන අදහස් තව දුරටත් විග්රහ කොට ඒ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කළ යුතු බවට විශේෂ කාරක සභාව අවධාරණය කරන ලදී.
මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුව විසින් මත්ද්‍රව්‍ය භාවිතය සහ ව්‍යාප්තිය සම්බන්ධයෙන් වූ අත්අඩංගුවට ගැනීම් සහ ඊට අදාළ අධිකරණ ක්‍රියාවලියේ පවත්නා හිඩැස් සහ අපහසුතා පිළිබඳව ඉදිරිපත් (presentation) කිරීමක් කරන ලදී.
මත්ද්‍රව්‍ය ආශ්රිත අත්අඩංගුවට ගැනීම් වලින් අනතුරුව සිදු කරනු ලබන අධිකරණ ක්‍රියාවලියේ පවත්නා දුර්වලතා හේතුවෙන් මහපරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පවා නීතියේ රැහැනින් ගැලවී යන බැවින් ඒ සඳහා නිසි ප්‍රතිපත්තිමය සහ නෛතික පිළියම් යෙදිය යුතු බවට කමිටුවේ තවදුරටත් සාකච්ඡා විය.