මත්ද්‍රව්‍යයට එරෙහිව ගෙන යන සටන අවසන් කරනවා
මත්ද්‍රව්‍යයට ඒරෙහිව ගෙන යන සටහ අවසන් කරන බවත් ඒ සඳහා ආගමික නායකයන්ගේ සහාය අවශ්‍ය බවත් ජනපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙන ආරම්භ කර වසර 150ක් සපිරීම නිමිත්තෙන් පෑලියගොඩ විද්‍යාලංකාර ජාත්‍යන්තර බෞද්ධ සම්මන්ත්රණණ ශාලාවේ අද (02) පැවති උත්සවයට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේය.
"කටුනායක අධිවේගී මාර්ගයේ කම්බි ආරක්ෂාවට එස්ටීඑෆ් යොදවලා තිබෙනවා. ගම්වල අලි වැටට දාලා තිබෙන බැටරිය අරගෙන යනවා. එනිසා මේ ගොඩනැගිල්ලේ තිබූ විශාල කම්බි කපාගෙන යෑම පිටුපස තිබෙන මත්උවදුර පිළිබදව අප අවධානය යොමු කළ යුතුයි. රජයක් විදිහට අපට අත්හළ නොහැකි වගකීමක් පැවරී තිබෙනවා.
මේ මත්ද්‍රව්‍යයට එරෙහිව ගෙන යන සටන අප අවසන් කරනවා. මේ මත්ද්‍රව්‍ය අප නොසිතන කේෂ්ත්‍ර දක්වා පැතිර ගොස් තිබෙනවා මේ උවදුරට එරෙහිව දේශපාලන, මතවාද තිබෙන්න පුළුවන්. එහෙත් මේ ව්‍යසනය නතර කිරීමට සියලු දෙනාම එක් විය යුතුයි. ගම සහ පන්සල අතර තිබෙන ඓතිහාසික සබඳතාව බිඳින්න බැහැ. අපි වැරැද්දක් කළොත් කියන්නේ ගමේ පන්සලේ හාමුදුරුවන්ටයි. ගමයි පන්සලයි අතර ආධ්‍යාත්මික සබඳතාවයක්, ඓතිහාසික උරුමයක් තිබෙනවා. භික්ෂුවගේ උරුමය මේ සමාජයට යළි අවශ්‍යයි. මේ රටට ඇති වූ සෑම අනතුරකදීම භික්ෂූන් වහන්සේලා ඉදිරියට ආවා.
උන්වහන්සේලා රටට සහ ජාතිය, මහජනතාවගේ හිතසුව වෙනුවෙන් කොතරම් කාර්යක් කර තිබෙනවාද? ශ්‍රේෂ්ඨ යතිවරයාණන් වහන්සේලා දෙපතුල් ගෙවෙන තෙක් ගම් නියම්ගම් කරා වැඩම කළා. අපේ රට යළි යථාවත් කිරීමට එවැනි භික්ෂූන් වහන්සේලාගේ මැදිහත් වීම අවශ්‍යයි. ඒ මැදිහත් වීම සිදු කරන ලෙසට ඔබ වහන්සේලාට මා ආරාධනා කර සිටිනවා."
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

