මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ සරසවි සිසුන් පුනරුත්තාපනයට යොමුවීමේ වර්ධනයක්
විශ්වවිද්‍යාල පද්ධතිය තුළද විෂ මත්ද්‍රව්‍යවලට යොමුවූ සිසුන් සිටින බවත්, ඔවුන් පුනරුත්ථාපන වැඩසටහන් වෙත යොමුවීමේ වර්ධනයක් දක්නට ලැබෙන බවත් රටම එකට ජාතික මෙහෙයුම් සභාවේ සාමාජික, රජරට විශ්වවිද්‍යාලයේ මනෝ වෛද්‍ය විද්‍යා අංශයේ මහාචාර්ය අමිල ඉසුරු මහතා පැවසීය.
විෂ මත්ද්‍රව්‍ය මෙරටට ගෙන ඒම සහ සමාජගත වීම වැළැක්වීම සඳහා “රටම එකට” ජාතික මෙහෙයුම ඔස්සේ රජය පියවර රැසක් ගෙන ඇතැයිද මහාචාර්යවරයා පැවසීය.
විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු තරුණ ප්‍රජාව විෂ මත්ද්‍රව්‍ය උවදුරින් මුදවා ගැනීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා “රටම එකට” මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
එමෙන්ම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ සිසුන් ඉන් මුදවා ගැනීම සඳහා විශ්වවිද්‍යාල පද්ධතිය තුළ වැඩසටහන් රැසක් මේ වන විට ක්‍රියාත්මක බවද ඔහු සඳහන් කළේය.
විශ්වවිද්‍යාල තුළ පාඨමාලා සම්පූර්ණ කරගත නොහැකිව අධ්‍යයන කටයුතු අතරමඟ නතර කළ සිසුන් අතරින් සැලකිය යුතු පිරිසක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බව හඳුනාගෙන ඇති බවද මහාචාර්ය අමිල ඉසුරු මහතා පැවසීය.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමෙන් මොළයට විශාල වශයෙන් හානි සිදුවිය හැකි අතර, එමඟින් අධ්‍යයන කටයුතු නිසි පරිදි සිදුකර ගැනීමටද නොහැකි වන බව ඔහු පෙන්වා දුන්නේය.
මේ වන විට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වන බවත්, එලෙස පුනරුත්ථාපනය වූ විශාල පිරිසක් මේ වන විට යහපත් ජීවිත ගත කරන බවත් ඒ මහතා පැවසීය.
“මත්ද්‍රව්‍යවලින් මිදෙන්න බැහැ කියන මතය ඇති කරන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්. නමුත් මත්ද්‍රව්‍යවලින් සම්පූර්ණයෙන්ම මිදීමට හැකියි” යන පණිවිඩය මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් වෙත ලබාදිය යුතු බවද මහාචාර්යවරයා අවධාරණය කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
