මෙරට තුළ ලක්ෂ හතර හමාරක තරුණ පරම්පරාව මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී තිබෙන අතර, එය භයානක තත්ත්වයක් බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
ඒ අනුව මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා කාර්ය සාධක බලකායක් පිහිටුවීමට යෝජනා කරන බව අද (10දා) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.
මේ අතර පාසල් වල පිරිමි දරුවන් මෙන්ම ගැහැණු දරුවන්ද අයිස් වැනි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී ඇති බව සඳහන් කළ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා,
අද අපි නොයෙකුත් කල්ලි කණ්ඩායම් වලට බෙදිලා, අපි රංඩු සරුවල් කරගෙන ඉන්න අතරතුරේ මේ රට ඉතාමත් භයානක ගොදුරක් බවට පත්වෙලා තිබෙනවා. අපි දන්නවා හයිටි රාජ්‍යයට කුමක් වුණාද කියලා. ඒ ජනතාවට මත්ද්‍රව්‍ය, ඒවා විස්කි, බියර්, වයින් වගේ දේවල් දීලා පුරුදු කලා. ඒ රටේ සම්පූර්නයෙන්ම තරුණ පරපුරට නොමිලේ දීලා පොළඹවලා මුලු රාජ්‍යයම මතින් යට කරලා මත් කරවලා නොයෙකුත් විදේශ රාජ්‍යන් එහි ආධිපත්‍ය පතුරවාගෙන සම්පත් සූරාගෙන කන තත්ත්වයට රාජ්‍ය පත්වෙලා තිබෙනවා. ඒ රටේ පුරවැසියන්ගේ ආයු කාලය 30ට 31ට අඩුවෙලා තිබෙනවා. මම හිතන්නේ ඒකම තමයි ශ්‍රී ලංකාවෙත් ක්‍රියාත්මක වෙන්නේ.
මේ රටේ විෂ මත්ද්‍රව්‍ය යම් ආකාරයකට ව්‍යාප්ත කරමින් පවතින බව පෙනෙනවා. ලක්ෂ හතරහමාරකට වැඩි තරුණ පරම්පරාවක් අපේ වගේ රටක මතට ඇබ්බැහි වී තිබෙනවා කියන එක ඉතාමත් භයානක කාරණයක්. පාසල් වල පිරිමි දරුවෝ පමණක් නෙවෙයි ගැහැණු දරුවෝ පවා මේ අයිස් වැනි මත්ද්‍රව්‍ය වලට හුරු වුණු බවට ඕනෑ තරම් සාධක තිබෙනවා. ඒ නිසා අපි යෝජනා කරලා තිබෙනවා මත්ද්‍රව්‍ය මැඩලන්න කාර්ය සාධක බලකායක් ස්ථාපිත කරන්න යනුවෙන් සඳහන් කළේය.