මත්තල රාජපක්ෂ ගුවන්තොටුපොළ සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා නව වැඩපිළිවෙලක් සකස් කෙරෙනවා.
ඒ අනුව සංචාරක පැකේජ හඳුන්වාදීමට කටයුතු කරන බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ.
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණෙන ගුවන් යානා සඳහා විශේෂ සහන පැකේජ දැනටමත් හඳුන්වාදී තිබෙනවා. ගුවන්තොටුපොළ අපනයන බදු වසර දෙකක් සඳහා නිදහස්කර ඇති අතර ගොඩබෑමේ හා නවතා තැබීමේ ගාස්තු සඳහා ද වසරක සහන ලබා දී තිබෙනවා.
ගුවන්තොටුපොළ ආශ්රිත රෝහල් පහසුකම් වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමුව ඇති බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ. ගුවන්තොටුපොලේ පහසුකම් වැඩිදියුණු කිරීමට ද රජය කටයුතු කරමින් සිටිනවා. එහි අංගසම්පූර්ණ භාණ්ඩ පිරික්සුම් මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීම හා පවතින නඩත්තු ගොඩනැගිල්ල නවීකරණය කෙරෙන්නේ ඒ අනුවයි. ගුවන් යානා අලුත්වැඩියා කටයුතු ආරම්භ කිරීමට ද කටයුතු යොදා තිබෙනවා. ගුවන් භාණ්ඩ මෙහෙයුම් සේවා පුළුල් කෙරෙනවා. ඒ අනුව ඉදිරියේදී සතියකට භාණ්ඩ ගුවන් යානා හයක් පමණ ක්‍රියාත්මක කිරීම අරමුණයි. මේ වන විටත් පුළුල් ගුවන් යානා තුනක් ඇතුළු යානා හතක් පමණ භාණ්ඩ ප්‍රවාහනය සඳහා මත්තල රාජපක්ෂ ගුවන්තොටුපොළ යොදාගෙන ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.