මත්කුඩු සමග හසුවූ බන්ධනාගාර නියාමකවරයා රඳවාගෙන ප්‍රශ්න කරයි
බෝගම්බර දුම්බර බන්ධනාගාරය තුළට මත්කුඩු හා ගංජා රැගෙන යාමට උත්සහ කිරීමේදී අත්අඩංගුවට ගත් බන්ධනාගාර නියාමකවරයාගෙන් බන්ධනාගාරය තුළදී එම මත්ද්රව්යලබා ගැනීමට සූදානම්ව සිටි රැඳවියෙකු ද පල්ලේකැලේ පොලිසිය මගින්අත්අඩංගුවට ගෙන තිබේ .
ඉකුත් (07) වැනි දිනසැකකාර බන්ධනාගාර නියාමකවරයා සිය රාජකාරි කටයුතු සඳහා බන්ධනාගාරය තුළට ඇතුළුවීමේදී කෝ පැළඳ සිටි බඳ පටියේ රහසිගතව සඟවා ගෙන සිටි හෙරොයින් මිලිග්‍රෑම් 3900ක්ද අයිස් මත්ද්‍රව්‍ය මිලිග්රැම්5120 ක්ද කේරල ගංජා මිලිග්රැම්5320 ක්ද සිදු කළ ශරීර පරීක්ෂාවකදී අත්අඩංගුවට ගෙන තිබුණි.
සැකකාර බන්ධනාගාර නියාමකවරයා පල්ලෙකැලේ බන්ධනාගාර නිලධාරීන් විසින් පල්ලෙකැලේ පොලිසියට පොලීසියට භාරදීමෙන් අනතුරුව ඔහු දින හයක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා උසාවි නියෝගයක් ලබා ගැනීමට කටයුතු කළේය .
සැකකාර බන්ධනාගාර නියාමකවරයාට මෙම මත්කුඩු තොගය ලබා දුන් පුද්ගලයාද අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් විමර්ශන ආරම්භ කර ඇති අතර පල්ලෙකැලේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ශාන්ත බණ්ඩාර මහතාගේ මෙහෙයවීම යටතේ විශේෂ පොලිස් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරයි .
ෂේන් සෙනෙවිරත්න
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
