තම දෙමවුපියන්ගේ නිවාස වල තිබෙන ගෘහ භාණ්ඩ විකුණා දමා හෙරොයින් මත්කුඩු පානය කිරීමෙන් පසුව, අවට නිවාස බිඳ මත්කුඩු පානය කිරීමෙන් අනතුරුව, මුදල් නොමැති කම හේතුවෙන් ඇඟ විකුණා මුදල් සොයා ගෙන හෙරොයින් පානය කළ කාන්තාවක් සහ ඊට අනු බල දුන් ඇගේ සැමියා ඊයේ (22දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ නීත්‍යානුකූලව විවාහ නොවී එක නිවසේ ජීවත් වූ අනුරාධපුර ගෙවල් පනස් පහ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19 ක තරුණියක් සහ වයස අවුරුදු 21 ක තරුණයකු බව පොලීසිය කියයි.
අත්අඩංගුවට ගත් තරුණයා සහ එම තරුණිය අනුරාධපුර නගරයේ පිහිටි ප්‍රධාන ජාතික පාසල් දෙකක උසස් අධ්‍යාපනය ලැබූ අයවලුන් බවත්, පාසල් ප්‍රේමය දුර දිග ගොස් අවසානයේ දැනට වසරකට වැඩි කාලයක් අඹු සැමියන් ලෙස ජීවත් වන බව පොලිසිය පවසයි.
පාසල් අධ්‍යාපනය අවසන් වීමත් සමග හෙරොයින් මත්කුඩු පානයට තදින් ඇබ්බැහි වී සිටින තරුණයා එම තරුණිය ද මත්කුඩු පානයට ඇබ්බැහි කරවා ගෙන ඇති බවත්, දෙපාර්ශවයේම තම මවුපියන්ට අයත් නිවාස වල බඩු විකුණා, කුඩු පානය කිරීමෙන් අනතුරුව අවට නිවාස තුනක් බිඳ කුඩු පානය කර පසුව, තරුණයා විසින් එම තරුණිය ගණිකා සේවයේ යොදවා ඒ ලැබෙන මුදලින් දෙදෙනාම කුඩු පානය කර ඇති බව සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වූ බව පොලීසිය කියයි.
අත්අඩංගුවට ගත්ත ගත් සැකකරු සහ සැකකාරිය අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.