මත් කුඩු නැති ග්‍රාම නිලධාරි වසමක් සොයා ගැනීම කිසිවෙකු නොමල ගෙයකින් අබ මිටක් සොයාගන්නවා වැනි තැනට පැමිණ ඇතැයි බස්නාහිර පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.
නියෝජ්‍ය පොලිස්පතිවරයා එසේ පැවසුවෙිි ඉකුත් (10 )දා පෙරවරුුුවේ හේනේගම මධ්‍ය විද්‍යාලීය ජාතික පාසලේ සිසුසිසුවියන් වෙනුවෙන් මත්ද්‍රව්‍ය වලින් වැලකීම පිළිබඳව විශේෂ දේශණයක් සිදු කරමිණි.
විද්‍යාලයේ විදුහල්පති යූ.වී. ගුණරත්න මහතාගේ ඇරයුමකට අනුව නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් විද්‍යාලයේ 09,10,11 වසර හා උසස් පෙල සිසු දරැවන් වෙනුවෙන් මෙම දේශණය පැවැත්වුහ.
"අද විශාල සමාජ ව්‍යසනයක්ව පවතින මත්කුඩු ලංකාවට ආවෙිි 1982 වර්ෂයේ . මීගමුව ප්‍රදේශයේ සංචාරක මග පෙන්වන්නෙකු මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා කියලා ඔහු සන්තකයේ මත්කුඩු තිබිලා 1982 වර්ෂයේදී ඔහු අත්අඩංගුවට ගත්තා'
1992 වර්ෂය පමණ වනවිට රටෙිි බොහෝ නගරවලට මත්කුඩු ව්‍යාප්ත වුනා. කවිිරැත් හිතුවෙිි නැහැ කුඩු ගමට එයි කියලා 2000 වනවිට ගමිිදනවිි වලටත් මත්කුඩු ව්‍යාප්ත වුණා.
රටෙිි අස්සක් මුල්ලක් නෑර පැතිර ගිය මත්කුඩු නැති ග්‍රාම නිලධාරි වසමක් අද වන විට හොයා ගන්න බැහැ .
වර්තමානයේ පාසල් පද්දතියට මත්ද්‍රව්‍ය ඇතුළු වී තිබෙනවා. බස්නාහිර පළාතේ එක දරැවෙකු හරි මත්කුඩු පාවිච්චි කරපු පාසල් වල ලැයිස්තුවක් අපසතුව තිබෙනවා. හැමෝම ලැජ්ජයි තමන්ගේ පාසලේ දරැවන් මත්ද්‍රව්‍ය ගන්නවා කියන්න. ඒ තරමටම සමාජය මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් බැහැර කරනවා."
දෙල්ගොඩ - සුදත් පුබුදු කීර්ති
මල්වාන - ඩබ්ලිව් ඩී එම් විතානගේ