කටාර් රාජ්‍යය සහ මෙරට අතර ක්‍රියාත්මක මහා පරිමාන මත්ද්‍රව්‍ය ජාවරමකට සම්බන්ද මහ මොලකරුවෙකු වන අළුබෝමුල්ලේ පිංකි නැමැත්තා ඇතුළු ජාවාරමට සම්බන්ද පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත්බව අළුබෝමුල්ල පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අළුබෝමුල්ල, මහ බෙල්ලන සහ බණ්ඩාරගම රමුක්කන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් සිව්දෙනෙකු බව පොලිසිය පවසයි.
ප්‍රධාන සැකකරු කිසිදු රැකියාවක් නොමැතිව සුඛෝපභෝගී නිවසක් සහ මෝටර් රථ රැසක් භාවිතා කරමින් සුඛෝපභෝගී ජිවිතයක් ගතකරන බවටත්, තෙමහල් ගොඩනැගිලි ඇතුළු දේපල රැසක හිමිකරුවෙකු බවටත් ලද තොරතුරු මත අළුබෝමුල්ල ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසංක රාජකරුනා මහතාට සැක සිතී විමර්ශන ආරම්භ කර තිබේ.
සැකකරු පොලිසියයට ගෙන්වා පැය දෙකක පමණ කාලයක් ප්‍රශ්න කරමින් සිටියදී සැකකරගේ ජංගම දුරකථනයට විශාල කෙටි පණිවුඩ රාශියක් ලැබි ඇති බවත්, ඒ අනුව ජංගම දුරකථනය පරීක්ෂා කල බවත් සදහන් වේ.
ජංගම දුරකථනය පරික්ෂා කිරීමේදී කටාර් රාජ්‍යයේ සහ මෙරට මත්කුඩු ජාවාරමට සම්බන්ද මත්කුඩු වල ඡායාරූප, මුදල් ගනුදෙනු රිසිට් පත්, දුරකථන සංවාද, ගූගල් සිතියම් ඇතුළු තොරතුරු රැසක් අණාවරණය වී ඇතැයිද සදහන් වෙයි.
ඒ අනුව සැකකරුගෙන් සිදුකල දීර්ඝ ප්‍රශ්න කිරීමේදී අණාවරණයවූ තොරතුරු මත ජාවාරමට සම්බන්ද අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගත්බව පොලිසිය කීය.
සැකකරුවන් සන්තකයේ තිබී හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් 22 ක් , සුඛෝපභෝගී මෝටර් රථයක්, ත්‍රිරෝද රථ දෙකක්, යතුරුපැදියක්, ජංගම දුරකථන සහ බැංකු ගිණුම් භාරයට ගත්බවද පොලිසිය පැවසීය.
සැකකරුවන්ගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමේදී වසරක පමණ කාලයක් තුලදී රුපියල් කෝටි 15 කට අධික මුදලක් ගනුදෙනු කර ඇති බවටද අණාවරණය වූ බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.
ප්‍රධාන සැකකරු සහ ඔහුගේ ප්‍රධාන ගෝලයා කටාර් රාජ්‍යයේ මත්කුඩු ජාවාරම් කොට සිරගතකර සිටී දෙදෙනෙකු බවද, ප්‍රධාන ගෝලයා එරටින් පිටිවහල් කර ඇති බව පොලිස් විමර්ශන වලදී වැඩ්දුරටත් අණාවරණය වී ඇති බව සදහන් වේ.
සැකකරුවන් වැඩිදුර විමර්ශන සදහා පොලිස් විශේෂ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී තිබේ.