මැතිව්ස් 199ට දැවී යයි
- 16 05 2022
- 15:35
- {{hitsCtrl.values.hits}} views
- ..
සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සමගින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 397ක් රැස්කිරීමට සමත්විය.
ශ්රී ලංකා ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ ඇන්ජලෝ මැතිව්ස් අවසන් කඩුල්ල ලෙස ලකුණු 199ට දැවි ගියේය. ඒ අනුව ඔහුට සිය ටෙස්ට් දිවියේ දෙවැනි ද්විත්ව ශතකය වාර්තා කිරීමට තිබූ අවස්ථාව අහිමි වී ගියේය.
කුසල් මෙන්ඩිස් (54), දිනේෂ් චන්දිමාල් (66) ශ්රී ලංකාව වෙනුවෙන් පිත්තෙන් දක්ෂතා දැක්වූහ.
බංග්ලාදේශය වෙනුවෙන් නයීම් හසන් ලකුණු 105ට කඩුලු 6ක් හා ශකිබ් අල් හසන් ලකුණු 60ට කඩුලු 3ක් දවාගත්තේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
