මෛත්රී-මහින්ද ඝාතන සැලසුමක් හෙළිවෙයි
වත්මන් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපතිමහින්ද රාජපක්ෂමහතා මෙන්ම ඔහුගේ පවුලේ සාමාජිකයන්ද ඝාතනය කිරීමට සැලසුමක් තිබූ බවට දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාර මහතාගේ මාවනැල්ල නිවසේදී අත්අඩංගුවට ගනු ලැබූ ඉන්දියන් ජාතිකයා හෙළිකළ බව රහස් පොලීසිය ඊයේ (25දා) කොටුව මහේස්ත්රාත් ලංකා ජයරත්න මෙනෙවියට දැනුම් දුන්නාය.
මෛත්රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීමේ කුමන්ත්රණය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලදී මේ බව හෙළිවූයේ යැයි සිද්ධියට අදාළව සිදුකරන ලද විමර්ශනවල ප්රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත්කරමින් රහස් පොලීසිය දැනුම් දුන්නේය.
දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාර මහතා කළ දැනුම්දීමකට අනුව මාවනැල්ලේ පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගනු ලැබූ ඉන්දීය ජාතිකයා වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදේශිකයෙකු බවත්, ඔහු රාගම ප්රදේශයේ නිවසක් කුලී පදනම මත ලබාගෙන එහි පදිංචිව සිට ඇති බවත් දැනුම් දුන් රහස් පොලීසිය, මේ වන විට ඔහු රැඳවුම් නියෝග යටතේ රඳවා තබාගෙන ප්රශ්න කරන බවද දැනුම් දුන්නේය.
ඔහුගෙන් කළ ප්රශ්න කිරීම්වලදී ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපතිවරයා ඝාතන සැලසුම් හෙළිවූ බව දැනුම් දුන් රහස් පොලීසිය,මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බවද අධිකරණයටදැනුම් දුන්නේය.

popular news
-
Champa Tuesday, 25 September 2018 11:39 PM
අර පඟර නැට්ටගේ කතාව කියපු ගමන් මම නම් මෙතනටම ලිව්වා හිටපු ජනාධිපතිතුමාට පරිස්සම් වෙන්න කියලා. මෛත්රීටයි ගෝඨාභයටයි නෙමේ තර්ජනය කියල. මම කිව්වා plot twist එකක් ගැන. එකියන්නේ කතාවේ හැටියට හැමෝම හිතන්නේ අර දෙන්නවයි ඝාතනය කරන්නේ කියල නමුත් ඇත්තටම කතාව අවසානය සම්පූර්ණයෙන්ම නොහිතපු එකක්. මම කිව්වා target එක මහින්ද කියලා. අනිත් එක මේ ඉන්දියන් කාරයත් පඟර නැට්ටගේම වැඩක්. ඉන්දියන් කාරයට හිරේ ගියාට කමක් නැහැ මිනිහට කොහොමත් ආපහු ඉන්දියාවට යන්න බැරි අපරාධකාරයෙක්. පඟර නැට්ට මම දන්න විදිහට මිනිහගේ කතාව කීප සැරයක් වෙනස් කරල තියෙනවා. එක ගලෙන් කුරුල්ලෝ කීප දෙනෙක් බාගන්න හදල තියෙනව. කවුරු හරි මිනිහව දැම්ම පොලිස්පතිටයි අර අනිත් පොලිස් ලොක්කටයි කිට්ටු වෙන්න. දෙන්නම මෝල් ගස් දෙකක්. මේ වගේ පඟර නැට්ටෙකුට අහුවුනා. මම මිනිහගේ video එක මුලින් බැලුවේ නැහැ. බලපු ගමන් මට නම් තේරුණා "තිර පිටපතක්" කියලා. මම ඒකත් මෙතනටම ලිව්වා. ඕනේ ඔට්ටුවක් දානවා පඟර නැට්ට පස්සේ ඇත්තටම ඉන්නේ කවුද කියල "කවදාවත්" හෙළි වෙන්නේ නැහැ. දූෂණ විරෝධී සංවිධානයේ "අධ්යක්ෂක (මෙහෙයුම්ලු)."
Reply : 152 1
Jabos alahapperuma Wednesday, 26 September 2018 05:39 PM
Champa එතකොට ඔය කවුද ? මොන නට්ටගේ නට්ටේක්ද
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

