මෛත්රී- මහින්ද එක අදහසක සිටියා
ශ්රී ලංකා නිදහස් පක්ෂය හා ශ්රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැති සාකච්ඡාවලදී ජනපති මෛත්රීපාල සිරිසේන මහතාත් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාත් රට ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් එකම ස්ථාවරයක සිටි බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පැවැසීය.
ශ්රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්රී ලංකා නිදහස් පක්ෂය අතර ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
ශ්රී ලංකා නිදහස් පක්ෂය පිළිබඳව මහින්ද රාජපක්ෂ මහතාගේ ආදරය තවමත් ප්රමුඛව පවතින නමුත් තමන්ගේ ආදරය ශ්රී ලංකා පොදුජන පෙරමුණට බවත් ඔහු ප්රකාශ කළේය.
පසුගිය පළාත් පාලන මැතිවරණයේ ප්රතිඵලය වූයේ ශ්රී ලංකා නිදහස් පක්ෂය හා ශ්රී ලංකා පොදුජන පෙරමුණ එක්ව ඉදිරියට ගමන් කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

popular news
-
Nandana Thursday, 10 October 2019 09:43 PM
මේ රට කාපු උන් දකිනකොටත් අප්පිරියි ,
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

