රුපියල් කෝටියක් පමණ වටිනා මෙතැම්පටමයින් නැමැති භයානක මත්ද්‍රව්‍ය පෙති තොගයක් ත්‍යාගයක් අඩංගු කර ඇති පෙට්ටියක් ලෙස ශ්‍රී ලංකාවට ගුවන් තැපැල් මගින් එවා තිබියදී , එය භාර ගැනීමට මධ්‍යම තැපැල් හුවමාරුව වෙත පැමිණි තරුණයෙකු ද සමග ඊයේ (30) දින දහවල් අත්අඩංගුවට ගැනීමට එහි සේවය කළ රේගු නිලධාරීවරයෙකු සමත් වී ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක ලාල් වීරකෝන් මහතා පැවසීය .
බෙල්ජියමේ සිට ඇදුම් තොගයක් අසුරා තිබූ පෙට්ටියක සඟවා එවා ඇති මෙම මෙතැම්පටමයින් පෙති තොගයෙහි නිල් , තැඕලි සහ අළු පැහැයෙන් යුතු මත්ද්‍රව්‍ය පෙති 1,961 තිබූ බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය .
කොළඹ , මෝදර ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකු මෙම ඇදුම් පෙට්ටිය භාර ගැනීමට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත ඊයේ දින දහවල් 12.00 ට පමණ පැමිණ සිටියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබුණි .
රේගු තක්සේරු ඩී.එම්.ජේ.සී. විමලදාස මහතා මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබූ අතර , රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටිති .
