පොල්ගහවෙල හා වලකුඹුර දුම්රිය ස්ථාන අතර මැද්දලන්ද ප්රදේශයේ දී මඩකලපුවේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක් අද (10දා) පීලි පැනීමට ලක්ව ඇත. එම පීලි පැනීම හේතුවෙන් දුම්රිය මාර්ගයේ සිල්පර කොට 400කට පමණ හානි සිදුවී ඇති අතර කොළඹ කොටුව දෙසට ඇති දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා සිදු වී ඇති බව ද වාර්තා වේ.
අලව්ව අධිකාරි මුදියන්සේ


