මට හොඳට නින්ද යනවා
තමන් ජනතාවට විරුද්ධව කිසි දෙයක් නොකළ බවත් රට බංකොලොත් නොවීමට කටයුතු කළේ තමන් බවත් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවැසීය. ඔහුට එරෙහිව ගොනුකර ඇති නඩුවකට පෙනී සිටීමට අධිකරණයට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.
Q - අහිංසක ජනතාවට මේ කරපු දේට ඔබතුමාට හොඳට නින්ද යනවද?
A - මට හොඳට නින්ද යනවා. කිසිදෙයක් කරලා නෑ ජනතාවට විරුද්ධව. මම තමයි මේ රට බංකොලොත් නොවෙන්නට කටයුතු කරලා තියෙන්නෙ. ඒ හින්දා මගේ හෘද සාක්ෂිය ඉතාමත්ම පිරිසිදුව තියෙනවා. ඒකට ගැටලුවක් නෑ.
මේකත් පෞද්ගලිකව දාලා තියෙන නඩුවක්. උසාවියෙන් නෙමයි. අපි ඒකට උත්තර දෙනවා. පෞද්ගලික අයට පුළුවන් ඕනෑම තැනක ගිහින් නඩු දාන්න. නඩු දාලා තියෙනවා, අපි ඒකට උත්තර දෙනවා බය වෙන්න එපා.
popular news
-
Deepal Nirosh Thursday, 27 October 2022 03:18 AM
ඔච්චර හොඳට නින්ද යනව නම් සදාකාලිකව නින්දට වැටෙන එකයි ඇත්තෙ ජනතාවට නිදහසේ ඉන්න දීල.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

