මට යන්න ගෙදරක් නෑ
තරුණයන් අද දේශපාලනයෙන් ඉවත් වි ඇති බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසිය. එසේම තමන්ට ඉවත්ව යන ලෙස සඳහන් කළත් තමන්ට යෑමට නිවසක් නොමැති බවද ඔහු පැවැසීය.
ජනාධිපතිවරයා ඒ බැව් (22) දින කියා සිටියේ නුවරඑලිය දිස්ත්රික්කයේ ආහාර සුරක්ෂිතතාවය පිලිබදව නුවරඑලිය දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රිවරුන් , රාජ්ය නිලධාරින් සහ පලාත් පාලන නියෝජිතයන් සමග නුවරඑලිය නගර සභා ශාලාවේ පැවති සාකච්ඡාවකදිය.
“මම ජනාධිපති වුණාට පස්සේ කිසිදාක දේශපාලයෙන් වැඩ කරලා නැ. හැමදෙනා සමගම සාකච්ඡා කරලා වැඩ කරන්නේ.
සමහර අය හිතන්නේ තවම පරණ විදිහට. පරණ විදිහට දේශපාලනය කරන්නේ, මේ ඔක්කෝම ආණ්ඩුව පිට පැටොව්වොත් ඊලග සැරේ පැරදෙයි කියලා. මම හිතන්නේ ඒක සාර්ථකයි කියලා.
මිනිස්සු ආණ්ඩුවට විතරක් බනින්නේ නෑ. මුළු පාර්ලිමේන්තුවටම බනින්නේ.
සැලසුමක් ඇතුව දොස් කියන්න ඕනි. සැලසුමක් නැතුව දොස් කියලා වැඩක් නෑ. දොස් කියන එකෙන් විසදුමක් එන්නේ නැ.
අද මේ මුළු දේශපාලන ක්රමයම එපා වෙලා තියෙන්නේ , අවු 75 ගිහින් මේ වැටුණු තැනට අපි ඔක්කෝම වගකියන්න ඕනි කියලා හිතෙනවා.
තරුණයා අද දේශපාලනයෙන් ඈත් වෙලා. නිලධාරින්ගෙන් අහනවා මොනවද මේ දේශපාලඥයින් කරන්නේ කියලා.
මට කියනවා දැන් ගෙදර යන්න කියලා , මට එක ප්රශ්නයයි තියෙන්නේ ගෙදර ගිනි තිබ්බ නිසා යන්න තැනක් නැ ඒ නිසා මෙතන ඉදන් රට ගොඩ ගන්න හදනවා.
මේ ක්රමය සම්පුණයෙන්ම වෙනස් කරන්න ඕනි. ඒක තමයි ජනතාව ඉල්ලන්නේ, ඒ නිසා අපි කරපු වැරදි හදාගෙන රට හරි තැනට ගෙනියන්න ඕනි යනුවෙන් පැවසිය.

popular news
-
Deepal Nirosh Thursday, 22 December 2022 02:29 PM
පූරුවෙ පිනට රටේ ජනාධිපති පදවිය ලැබිලත් තමුන්ගෙ ගෙට ගිනි තියපු හොරු අල්ල ගන්න බැරි වෙච්චි හැටි, තව මොනවද?
Reply : 0 0
Demuni Uduwara Friday, 23 December 2022 12:34 AM
You know the culprit/s ignited your house and bring them before the law. Don't allege "Aragalaya" !
Reply : 0 0
Kumar Saturday, 24 December 2022 07:32 PM
siyaluma lokkanta wandi gewnawa kiwwa neda. ema wandi mudalin hakitahak ikmanin nivesak saadaa ganna. labana chandayen untha parajayak labunavita yanna thanak awashyaney.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

