මට මාසෙට කෝටි 10ක් තිබුණත් මදි
තමන්වහන්සේ සියල්ල අත්හැර සිටන බවත් බැංකුවලට ණය වී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරුලියේ රතන හිමියේ පවසති. ස්වාධීන රූපවාහිනී සේවයේ ‘තීරණය’ සම්මුඛ සාකච්ඡාව එක්වෙමින් උන්වහන්සේ මේ බව පැවැසූහ.
එහිදී ඇතිවූ සංවාදය
Q සියල්ල අත්හරින්න කියලා ඔබවහන්සේලා ගිහියන්ට කියනවා. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ දැන් සියල්ල අත්හරිමුද?
මම සියල්ල අත්හැරලා ඉන්නේ ඔබතුමාට තේරෙන්න් නෑ
Q එහෙනම් ඇයි සංවිධානයක් හදන්නේ?
බුදුහාමුදුරුවොත් සංඝ සමාජයක් හැදුවනේ. අපි හදන්නෛත් සංඝ සමාජයක්. අපේ පක්ෂය කියන්නෙත් සංඝ සමාජය කියන්නෙත් සාමූහික සමාජයනේ. දැන් මේ කියන්නේ මම අතහැරලා සල්ලි හම්බකරගෙන ඉන්නවා කියලනේ කියන්නේ.
මගේ බැංකු ගිණුම්ල සල්ලි නෑ. මම බැංකු වලට ණය වෙලා ඉන්නේ. ඒක පසුගිය කාලයේදී වුණේ මම එහෙම කවදාවත් ණය වෙලා නෑ.
මාධ්‍යෙව්දියෙක් කියලා තිබුණා මම ප්‍රා ඩෝ වල යනවා කියලා. මම හැමදාම පාවිච්චි කළේ සෙකන්ඩ් හෑන්ඩ් වාහන. කවදාවත් මම වාහනයක් අරගෙන නෑ.
හම්බෙච්ච වාහන වලිනුත් මම කරලා තියෙන්නේ පොදු ඒවා. සමහර ඒවා පක්ෂයට දීලා තියෙනවා. සමහර ඒවා ධර්මායතනයට දීලා තියෙනවා.
මගේ ළඟ සතපහක්වත් නෑ. මම හෙට එළියට බැස්සොත් හිඟන්නෙක්.
Q මන්ත්රීවැටුපක් හම්බවෙනවනේ හාමුදුරුවනේ
මන්ත්‍රී වැටුපක් ලැබුට මම රට වෙනුවෙන් සමාජ ව්‍යාපාරයක් හදනවා. මට මාසෙට කෝටි 10ක් තිබණත් මදි. විශේෂයෙන්ම අපේ බෞද්ධ පදනමට පුළුල් ගැඹුරු ව්‍යාපාරයක් ඕන. මාක්ස්වාදයට ජේ.වී.පී. එක තියෙනවා.
ගැඹුරු ව්‍යාපාරය ගොඩ නැගීම තමයි මගේ කාර්යභාරය. මගේ අතේ සල්ලි නෑ. මගේ අතේ ධනය නෑ. බැංකු එකවුන්ට් නෑ. මට ලැබුණ හැම සතයක්ම ජනතාවට වියදම් කළේ.
Q කාර් පර්මට් එකෙන් ලැබණ සල්ලිවලින් ඒ දෙමද කළේ.
කාර් පර්මිට් එකෙන් මම හදලා තියෙනවා ධර්ම ශාලාවක්. මම කිසම සුඛෝපභෝගී වාහනයක මම ගිහිල්ලා නෑ. මම ගිහිල්ලා තියෙන්නේ දෙවැනි පෙළ වාහන වල.
මගේ වාහනේ ලීසිං ගෙවා ගන්න බෑ මස 10ක් තිස්සේ. ඔය සී.එය.ඩී. එන්.අයි.බී. දාලා හොයන්න පුළුවන් මගේ බැංකු ගිණුම් පිළිබඳව.
Q සමහරුන්ට කියන්න පුළුවන් රතන හාමුදුරුවෝ අධිපරිභෝජන වාදියෙක්ද කියලා.
මම මස් මාංශ වළඳන්නේ නෑ. මම ආධ්‍යාත්මික අභ්යාතුළ ජීවත්වන කෙනෙක්. මම බඩජාරීකමට කන කෙනෙක් නෙමෙයි.
Q ඔබ වහන්සේ මත්ත්රීධුරය අත්හරින්න සූදානමක් නැත්ද?
ජීවිතයම අත්හැරපු මට මන්ත්‍රීධුරයක් අත්හරින්න බැරි නෑ.
popular news
-
Kumar Thursday, 03 February 2022 04:32 PM
sadhu sadhu sadhu methumage prakashaya sathyanam eka swanminwahanse namak sasaren etharaenawa kiyala sithnna puluwan.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

