මට නම් එපා වෙලා තියෙන්නේ
දේශපාලන වහා පුද්ගලික වාසි වෙනුවෙන් ඇමතිකම් ගත්තානම් තමන් අද මුදල් ඇමති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පැවැසීය. එසේම 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනිම වෙනුවෙන් තවත් 50කට පමණ අමාත්‍යධුර පිරිනැමිමේ සූදානමක් ඇති බවත් ඔහු පැවැසීය.
සිය ෆේස්බුක් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය.
“මේ අය දේශපාලනය ඇතුළේ තමන්ගේ උවමනාකම්වලට කටයුතු කරනවා. 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය කියලා දැන් මොකක්ද කරන්නේ? ජනාධිපතිතුමා තවදුරටත් මෙතනම ඉදගෙන 19ට වඩා තමන්ගේ තිබුණ බලය වැඩි කරගෙන ඉන්න යන කථාවක් තමයි අපිටනම් පේන්නේ.
දැන් මුළු ලෝකයම පිළිඅරගෙන තියෙනවා ගෝඨාභය රාජපක්ෂගේ වැරදි තීරණ නිසා තමයි මේ රට බංකොලොත් වුණේ කියලා. අයි.එම්.එෆ්. ප්‍රධානියා එන්.ඩී.ටී.වී. එකට කියනවානේ කවුරු නිසාද මේක වුණේ කියලා.
හැබැයි අපි ඒ විදිහටමයි ඉස්සරහට යන්නේ. මේක සුද්ධ කරන්න ඕන. අපිට තේරෙනවා මේක එක පාරට කරන්න බැරි බව. නිෂ්චිත කාලරාමුවක් දෙන්න ඕන. අපි එහොම කළෝතින් යමකිසි විදිහකට මේකට විසඳුමක් හොයන්න පුළුවන් ජාතික ආණ්ඩුවක් හදලා. නැත්නම් කොහොමද කරන්නේ.
ඔය පනින කට්ටිය 50කට කොහෙද තව ඇමතිකම් දෙන්න යනවා. ඇමතිකම් දීලා 21 වැනි සංශෝධනය පාස් කර ගන්න යනවා. මටනම් එපා වෙලා තියෙන්නේ. හැබැයි අපි උත්සාහ කරමු. වෙන කරන්න දෙයක් නෑ. අපි ඔක්කොම එකතුවෙලා මිනිස්සු බලාපොරොත්තු වෙන දේ කරන්න ට්‍රයි කරමු.
දේශපාලන වාසි ගන්න නොයෙකුත් පුද්ගලයන්ගේ පුද්ගලික වාසි තකා ඇමතිකම් අරගෙන වැඩක් නෑ. එහෙම නම් මම අද මුදල් ඇමති. වැඩක් නෑ. අපි රට ගැන හිතනවානම් වෙනස කරන්න සිද්ධ වෙනවා. හැමෝම එකතුවෙලා ජාතික ආණ්ඩුවක් හදලා අපිට පුළුවන් වෙයි මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයන්න. ඒක තමයි මම විශ්වාස කරන්නේ”

popular news
-
Kandy Whip Wednesday, 01 June 2022 02:04 AM
We also fed up with your prophecies of economics doomsday theories without you take responsibility to change the course of collision of the country. Your doom and gloom stories whenever you open your mouth without proposing any actionable solutions, has earned you the name tag of " Chow Chow" the famous pessimistic cartoon character of Doctor Hodahitha.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

