උක් ආශ්රිත නිශ්පාදන ප්‍රචලිත කිරීමේ අරමුණින් නුගේගොඩ අලෙවිසලක් ආරම්භ කල බව අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති අද (13) පාර්ලිමේන්තුවෙදී ප්‍රකාශකර සිටියා.
එම අලෙවිහල පිළිබඳව මාධ්‍යවේදීන්ගෙන් හා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගෙන් එය ප්‍රචාරය කරදෙන ලෙස තමන් ඉල්ලීමක් කර සිටි අතර ඔවුන් ගේ ප්‍රචාර කොතරම්ද කිවහොත් තමාට දැන් කියන්නේ දුඹුරු සීනි පියා ලෙස වැඩි දුරටත් පැවසීය. තමන් ඒ් ගැන වඩාත් සතුටුවන බවත් කීය.
තමන්ට සුදු සීනි පියා කියනවාට වඩා දුඹුරු සීනි පියා කීම වරදක් නැති බව්ත් ඊට සතුටු වනනේ පසුගිය වසර 5 තුළ සුදු සීනි ගෙන්වීම සඳහා ඩොලර් මිලියන 1500කට වැඩි ප්‍රමාණයක් වැයකොට ඇති බැවින් යනුවෙන් පැවසීය. එනම් IMF ණය ප්‍රමාණය මෙන් භාගයක තරමක් බවයි. සුදු සීනි ගෙන්වා ලෙඩ සහ වවිදේශ විනිමය නාස්ති කරනවාට වඩා දුඹුරු සීනි ප්‍රවර්ධනයෙන් එය යම් පුමාණයක් හෝ ඉතිරිකර ගතහැකි නම් ඒ් ගැන සතුටු බවයි.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය