"මට තටු නැතුව ඉගිල්ලෙන්න කියනවා නමුත් මම 2030 දි සුර්ය්ය විදුලියෙන් ධාවනය කරන පොදු ප්‍රවාහන සේවයක් ආරම්භ කරනවා" යැයි ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
පස්සර පැල්ගහතැන්න ඌව කළමනාකරණ සංවර්ධන මධ්‍යස්ථානයේදි පැවති පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවා අධිකාරියේ වාර්ශික සභාපති සම්මේලනයට එක්වෙමින් ඇමතිවරයා එසේ පැවසීය.
"පොසීල ඉන්ධනවලින් තවදුරටත් වාහන දුවන්න බෑ, පරිසරයත් විනාශ වෙනවා' හම්බන්තොට වරයා විකුණලා ලැබුනේ ඩොලර් බිලියන 1.4යි. පොප්සිටියට චීනයෙන් ලැබුනේ ඩොලර් බිලියන1.4යි. නමුත් අපිට ඉන්ධන ගේන්න වසරකට ඇමරිකානු ඩොලර් බිලියන 05ක් වැයවෙනවා. මේ නිසාම 2030 වෙද්දී ලංකාවේ බස්රථ, දුම්රිය ඇතුළු සියලුම පොදු ප්‍රවාහන සේවය සුර්ය්ය විදුලියෙන් ධාවනය කරන්න කටයුතු කරනවා.
කිසිම ඇමතිවරයෙකුට උරුම නොවුන දෑවැද්දක් මට ලැබිලා තියෙනවා. මගේ අමාත්‍යාංශයට තෙල් කදුලක් නෑ. නමුත් මට හයියෙන් දුවන්න කියනවා. හරියට තටු නැතිව ඉලිල්ලෙන්න කියනවා වගේ කතාවක් තමයි මට කියන්නේ. මෙම සභාපති සම්මේලනය මට ඉදිරිපත් කළ යෝජනා 12න් මුදල් වැය නොවන සියලුම යෝජනා මාස තුනක් ඇතුළත අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කරනවා,
දැන් අපේ රටේ තිබෙන ජාතික ප්රශ්නය තමයි ලංකා ආණ්ඩුව විදේශ ණය ගෙවන ප්රශ්නය. ණය ගෙවුවේ නැතිනම් ආයේ සතයක්වත් ලැබෙන්නේ නෑ. කිසිම දේශපාලකයෙක් ළඟ උත්තරයක් නෑ. මේ ගැන කියන්නෙත් නෑ.
2030 වසර වෙද්දී විදුලි ත්රිවිලර්රථ නිෂ්පාදනය කර ආනයනය කරන්න කටයුතු කරනවා. දැනට විදුලි ත්රිවිලර්රථ ලියාපදිංචි කරන්න පුළුවන්අ පි පරිසර හිතකාමි සුර්ය්ය විදුලිය කේන්ද්‍ර කරගත්වි දුලි බලයෙන්ධා වනය වන පොදු ප්‍රවාහන සේවයක්ඇ ති කරමු"