තමන්ට සමාජ මාධ්‍ය ජාලා වල ඒල්ලවන ප්‍රහාර පසුපස අමාත්‍යවරයෙක් හා කලාකරුවෙක් සිටින බවට තොරතුරු ඇති බව හිටපු රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවැසීය.
“තිලිණි ප්‍රියමාලි කියන කාන්තාවට මුදල් ලබාදුන්නා කියලා අපේ නම් ගණනාවක් ඉදිරිපත් වෙලා තියෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අපේ නම් නෑ. නමුත් සමාජ මාධ්‍ය ජාලාවල මෙය දිගින් දිගටම සංසරණය වෙන්න පටන් ගත්තා.
ඒ් නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවට මම පැමිණිල්ලක් කළා. අපේ නම් කවුද සමාජ මාධ්‍ය ජාලාවලට ඉදිරිපත් කළේ කියලා. මොකද මේ සම්පූර්ණයෙන් අසත්‍ය කරුණු.
මම මේ කියන තැනැත්තිය දන්නේ නෑ. අපි තැන්පතු කරලත් නෑ. මම පසුගිය සතියේ ඉදලා මේ රටේ මහා තෙල් වංචාව ගැන කථා කළා. අසාධාරණකම් ගැන කථා කරලා ආණ්ඩුවේ ඉදලා ඒළියට ආවම අපිට ගහන්න පටන් ගත්තා.
මම කරපු චෝදනාවලට පිළිතුරු දෙන්නේ නැතිව මම ගෙවන්න තියෙනවා කියපු ලයිට් බිලක් අරගෙන ඒකට ගහන්න පටන් ගත්තා. මේකට අමාත්‍යවරයෙක් සම්බන්ධයි.
ඒ් වගේම සමාජ මාධ්‍ය හසුරුවන කලාකරුවෙක් ඉන්නවා කියලත් චෝදනාවක් තියෙනවා. මේ තොරතුරු ඒක්ක තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළේ.”